වසර විසිතුනකට පෙර පොලිස් නිලධාරියෙක් කල අමන වැඩකට අද උසාවිය දුන් තීන්දුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

වසර විසිතුනකට පෙර පොලිස් නිලධාරියෙක් කල අමන වැඩකට අද උසාවිය දුන් තීන්දුව

වසර විසිතුනකට පෙර පොලිස් නිලධාරියෙක් කල අමන වැඩකට අද උසාවිය දුන් තීන්දුව

අයිතිකරුවන් නොමැති නිවසක් සහිත ඉඩමකට ව්‍යාජ ලෙස ඔප්පු සාදා විකිණීමේ චෝදනා ලැබ සිටි හිටපු පොලිස් නිලධාරියෙකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සොරකම් කර එහි කොටස් වෙන් වෙන්ව විකිණීමේ චෝදනාවට එම පොලිස් නිලධාරියා වරදකරු වී තිබෙනවා. 

 

 

අද දින විනිසුරුවරයා එම පොලිස් නිලධාරියාට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. හිටපු පොලිස් නිලධාරියා සමඟ අපරාධය සිදුකළ සහකරු වන බුලත්සිංහලගේ ගුණසිංහ වසර 23ක් ගත වීමෙන් පසුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන නොතිබීම පිළිබඳව විනිසුරු තිලකරත්න මහතා කනගාටුව ප්‍රකාශ කළේය.

 

 

නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය සොරකම් කිරීම සහ ඉන් අනතුරුව එහි එන්ජිම වෙනම කොටස් ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාර්ථකව ඔප්පු කළ බව විනිසුරුවරයා නිගමනය කළේය. 

 

 

ඇල්ල ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයකු වූ සුජිත් රූපසිංහ මහතා ඉහත කී චෝදනාවලට සම්බන්ධ බවට වරදකරු වී දඬුවම් නියම විය.

views

292 Views

Comments

arrow-up