විදේශිකයන්ගේ වීසා දඩය අඩුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

විදේශිකයන්ගේ වීසා දඩය අඩුවේ

විදේශිකයන්ගේ වීසා දඩය අඩුවේ

වීසා බලපත්‍ර කාලය අවසන් වන විදේශිකයන්ගෙන් අය කරන ලද ඩොලර් පන්සියයක දඩය ඩොලර් දෙසිය පනහ දක්වා අඩු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

එම දඩ මුදල සම්බන්ධයෙන් විදේශිකයන්ගෙන් ලැබී තිබෙන පැමිණිලි මෙන්ම ඒ නිසා සංචාරක ව්‍යාපාරයට ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී මේ සඳහා අනුමැතිය ලැබී ඇත.

 

එම දඩ මුදල හේතුවෙන්ම ඇතැම් සංචාරකයන් මෙරට සංචාරයට එක් නොවන බවට සංචාරක අමාත්‍යාංශයද මීට පෙර වරින් වර අදහස් පළ කර තිබිණි.

views

309 Views

Comments

arrow-up