භාවිත නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

භාවිත නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කරයි

භාවිත නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කරයි

අක්‍රිය කිරීමේ ප්‍රතිපත්ති මාලාව යාවත්කාලීන කිරීමට ගූගල් සමාගම තීරණය කර ඇත.

 

වසර දෙකකට වැඩි කාලයක් භාවිත නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කිරීමට මෙලෙස තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මැයි 16 වැනි දා සිට මෙය ක්‍රියාත්මක වන බවත් දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් ඉවත් කිරීමට කටයුතු ආරම්භ කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

 

එම අක්‍රීය වන ගිණුමට සම්බන්ධ Gmail, Docs, Drive, Meet, Calendar, ‍YouTube සහ Google Photos වැනි සේවාවන් ද අක්‍රිය වන අතර එම ගිණුම් මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් ද එම ආයතනය විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා ද ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ගිණුම මකා දැමෙන බව ඔවුන් නිවේදනය කරයි.

 

වසර දෙකක් අක්‍රියව පැවති ගූගල් ගිණුමට එක් වරක් ‘Sign-In’ වීමෙන් එම ගිණුම යාවත්කාලින කිරීමට හැකියාව ඇත.

views

244 Views

Comments

arrow-up