MAY
13
රාගල සතොසෙන් බඩු පැන්නූ හිටපු සහකාර කළමනාකාරු අත්අඩංගුවට

රාගල ලංකා සතොස අලෙවි සලේ සිදුව ඇති රුපියල් කෝටි එක හමාරකට (රු. 15,113,012ක්) අධික භාණ්ඩ තොග වංචාවකට සැකපිට එහි හිටපු සහකාර කළමනාකාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පදියපැලැල්ලේ පදිංචිකරුවකු වන කේ.ඒ.බී. දිසානායක නමැති අයෙකි.
රු. 15,113,012ක් වටිනා භාණ්ඩ තොග කාලයක් තිස්සේ මෙම සැකකරු විසින් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
289 Views
Comments