කටුනායක ගුවන් තොටුපළෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

කටුනායක ගුවන් තොටුපළෙන් විශේෂ නිවේදනයක්

කටුනායක ගුවන් තොටුපළෙන් විශේෂ නිවේදනයක්

ඊයේ දින මෙල්බන් සිට කොළඹ බලා පියාසර කළ UL 605 දරණ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වූයේ කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.

 

යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ගොඩබෑමට නියමිතව තිබුණේ ඊයේ රාත්‍රී 10.30 ට පමණය. අවස්ථා කිහිපයකදීම යානය ගොඩබෑමට උත්සහ කළද කාළගුණ තත්ත්වය අයහපත් බැවින් එය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් ගමන් පාලකවරුන්ට සිදු වූ අතර ගුවන් යානය රාත්‍රී 11.30 පමණ වන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වූ බව වාර්තා වේ.

 

මෙම යානයේ මගීන් 194 දෙනෙක් සහ බිළිඳු දරුවන් 3 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් 15 දෙනෙක් ගමන් කර තිබේ. මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදුවීමෙන් මගීන්ය සිදුවූ අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන බවත්, ශ්‍රී ලංකාව වෙත පැමිණි මගීන්ට මත්තල සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සලසා දුන් බවත් වෙනත් රටවල් වෙත ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව යනතෙක් මත්තල අවට හෝටල් වල නවාතැන් පහසුකම් සලසා දුන් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර සිටී.

views

328 Views

Comments

arrow-up