APR
29
සිලාවතුරේදී හෂීස් තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

සිලාවතුර ප්‍රදේශයේදී ඊයේ දින ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලිසිය හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී හෂීස් මත්ද්‍රව්‍ය 893g ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත්, අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 8 කට අධික බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදී තිබේ.
245 Views
Comments