මස් නැති රටේ ජනතාවට කොස් කොත්තු

කොස් කොත්තු දිවයින පුරා ආපනශාලා වල ජනප්‍රිය ආහාරයක් බවට පත්කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය මේ දින වල දැවැන්ත උත්සාහයක නිරත වන බව එහි සභාපති අසේල සම්පත් මහතා පවසා ඇත.
ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ මේ වනවිට අත්හදා බැලූ කොස් කොත්තුව ඉතා සාර්ථක පරීක්ෂණ මට්ටමක තිබෙන බවයි.
සිය උපන් ගම වන ඇල්පිටිය පොරවගමට මෙම අලුත් නිෂ්පාදනය මේ වනවිට හඳුන්වා දී ඇති බවත් එයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී නාගරිකවද මෙම නිෂ්පාදනය ඉතා සහනදායි මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවත් මේ හරහා රැකියා අවස්ථා ගණනාවක් නිර්මාණය වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
308 Views
Comments