උත්සව සමයෙන් පසුවත් ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ දිගටම

උත්සව සමයෙන් පසු දින කිහිපයේදී ද, පොලිසිය සහ බුද්ධි නිලධාරීන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසා සිටී.
බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.
අධිවේගී මාර්ග වල ධාවනය කරන රථ වාහන රියදුරන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ මාර්ගයේ නවතා ආහාර ගැනීමෙන් වළකින ලෙසයි.
අප්‍රේල් පළමු වැනිදා සිට දොළොස් වැනි දා දක්වා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 63 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
284 Views
Comments