දෙවන ඉන්දියන් බිත්තර තොගය අද බේකරි වලට

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර තොගය අද (08) බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටී.
එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද ලබා දීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
මෙම බිත්තර මිලියනයක දෙවන තොගය පසුගිය 29 වනදා මෙරටට රැගෙන එනු ලැබිණි.
එසේම, ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක සාම්පල ලබා ගැනීම අද සිදු කෙරෙන බවට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටී.
357 Views
Comments