2023 අලුත් සහල් මංගල්‍යය අද ඇරඹෙයි

2023 අලුත් සහල් මංගල්‍යයේ සම්ප්‍රදායික වතාවත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසින් අද ආරම්භ විය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩදී සමාරම්භක කිරි ආහාර පූජාව සිදු කරනු ලැබීය.
අනතුරුව අමාත්‍යවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද බැහැදුටු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
මහ කන්නයේ අස්වැන්න ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
279 Views
Comments