ජනතාවට සහනයක් වෙමින් කිරි තේ මිලත් පල්ලම් බහී

අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10.00 කින් අඩු කිරීමට තීරණය කළ බව ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටී.
කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 200.00 කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 80.00 කින් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කිරීමත් සමග, කිරි තේ මිල අඩු කිරීමට මෙලෙස පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ වන විට කිරි තේ එකක මිල පවතින්නේ රුපියල් 100.00 ක් ලෙසට බව සඳහන් වේ.
258 Views
Comments