වසර හතරක් රැඳවුම් භාරයේ සිටිමින් මත්ද්‍රව්‍ය විකිණූ අපරාධකරුවා

මුතුනායක ගෙදර මහින්ද කුමාර හෙවත් රැවුල් කුමාර නැමැති සැකකරුවෙක් 2019 වර්ෂයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමක දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මත්ද්‍රව්‍ය සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් ඔහුගේ දෙවැනි විවාහක බිරිඳගේ බැංකු ගිණුමක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් හාර කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් තැන්පත් කර ඇති බවට හෙළි වූ බවයි.
එම කාන්තාව එම මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් ඉදි කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
228 Views
Comments