සතිපතා ඉන්ධන ක්‍රමයේ වෙනස නිසා ලක්ෂ 300ක ලාභයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

සතිපතා ඉන්ධන ක්‍රමයේ වෙනස නිසා ලක්ෂ 300ක ලාභයක්

සතිපතා ඉන්ධන ක්‍රමයේ වෙනස නිසා ලක්ෂ 300ක ලාභයක්

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලීන කිරීම ඉරිදා දිනයේ සිට අඟහරුවාදා දිනයට මාරු කිරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මසකට රුපියල් මිලියන 30 ක පමණ ඉතිරියක් සිදුවන බවයි.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව කොලොන්නාවේ පිහිටි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හා ප්‍රාදේශීය වශයෙන් පිහිටා ඇති බෙදාහැරීමේ මධ්‍යස්ථාන 11 න් රුපියල් මිලියන 19.5 ක පමණ සෘජු වියදමක් ආ තවත් මිලියන 10 ක පමණ වක්‍ර පිරිවැයක් ඉරිදා දිනයන්හි දී දැරීමට සිදුවන බවයි.

views

246 Views

Comments

arrow-up