MAR
04
උඩප්පුවේ මවක් අවුරුදු එකහමාරේ දියණිය ටැංකියකට තල්ලු කොට මරා දමයි

උඩප්පුව කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු මවක් සිය අවුරුදු එක හමාරක් වයසැති දියණියව පෙරේදා ඉස්සන් ගොවිපළේ ටැංකියකට තල්ලු කර ඝාතනය කළ පුවතක් වාර්තා වේ.
මෙලෙස ඉස්සන් ටැංකියට තල්ලුකළ දැරිය ඉන් ගොඩ ගෙන මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය ඊයේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මව උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
238 Views
Comments