බිත්තර ආනයනයෙන් දේශීය කර්මාන්තකරුවාට හානියක් නැතැයි ඇමති සියඹලාපිටිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

බිත්තර ආනයනයෙන් දේශීය කර්මාන්තකරුවාට හානියක් නැතැයි ඇමති සියඹලාපිටිය කියයි

බිත්තර ආනයනයෙන් දේශීය කර්මාන්තකරුවාට හානියක් නැතැයි ඇමති සියඹලාපිටිය කියයි

බිත්තර ආනයනය කිරීමට හේතු වූයේ රට පුරා පවත්නා බිත්තර හිඟය බව කියා සිටින අමාත්‍ය සියඹලාපිටිය මහතා, බිත්තර ආනයනය සඳහා පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කිරීම ගැන අදහස් දක්වා සිටී.

 

ඒ මහතා කියා සිටින්නේ, මෙම බදු අඩු කිරීම අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් බවයි.

 

එසේම, මෙලෙස ආනයනය කරනු ලබන බිත්තර, නිෂ්පාදන කර්මාන්ත සඳහා තොග වශයෙන් පමණක් ලබා දෙන බවත්, මෙම ක්‍රියාවලිය හේතුවෙන් දේශීය ඛිත්තර කර්මාන්තකරුවාට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

views

276 Views

Comments

arrow-up