ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බවට ජනපති කියයි

ඊයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දී ඇති සේම රට අරාජිකත්වය කරා යාමට ඉඩ නොතබා නීතිය හා සාමය සුරක්ෂිත කරන බවයි.
රටේ ආර්ථිකයය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට සුබවාදී ලෙස ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට ප්‍රථම රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි සක්‍රීය කරන බවට ද ප්‍රතිඥා දී සිටියේය.
තමා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයකු බව ද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා නීතිය හා සාමය මෙන්ම ස්ථාවර ආර්ථිකයක් ද අවශ්‍ය වන බව වැඩිදුරටත් කියා සිටියේය.
269 Views
Comments