දුම්රියේ හබය දුර දිග යාමෙන්, ඉස්කුරුප්පු නියන් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

දුම්රියේ හබය දුර දිග යාමෙන්, ඉස්කුරුප්පු නියන් ප්‍රහාරයක්

දුම්රියේ හබය දුර දිග යාමෙන්, ඉස්කුරුප්පු නියන් ප්‍රහාරයක්

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මාතර සිට නුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් තුළදී මගියෙකුට ඉස්කුරුප්පු නියනකින් ඇන තුවාල සිදුකර තිබේ.

 

තුවාලකරු කුරුණෑගල බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා පොල්ගහවෙල යාමට වැලිගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග ඇති බව සඳහන් ය.

 

එහිදී සැකකරු සමඟ ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් සැකකරු විසින් මෙලෙස ඉස්කුරුප්පු නියනකින් ඇණ ඇති බවයි වාර්තා වන්නේ.

 

ගාල්ල දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල පොලීසියට භාර දීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

views

272 Views

Comments

arrow-up