නවම් පුන් පොහොය දිනය අදයි...
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

නවම් පුන් පොහොය දිනය අදයි...

නවම් පුන් පොහොය දිනය අදයි...

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ  රජගහ නුවර වේළුවනාරාමයට සියලු භික්ෂූ සේනාව එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්ත්වූයේ අද වැනි නවම් පොහොය දිනයක දී ය.


තවද බුදුරජාණන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට විනය රැකගැනීමට  බෙහෙවින් වැදගත් ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම,   ආදී වැදගත් කරුණු කිහිපයක් නිසා ලාංකිකයන්ට  නවම් පුර පසළොස්වක පොහොය වැදගත් වේ.

views

299 Views

Comments

arrow-up