මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන

 

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස දුරකථනයෙන්  (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.

 

කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට පෙර මරණ තර්ජන එල්ල වූ එස්. බී දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බවයි.

 

මරණ තර්ජන එල්ල වූ කේ. පී. පී. පතිරණ සහ දිවාරත්න යන සාමාජික මහත්වරුන්ට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

 

ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

 

පසුගිය 18 වනදා එස්.බී. දිවාරත්න මහතාට හා කේ.පී.පී. පතිරණ මහතාට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණා.

views

219 Views

Comments

arrow-up