කළුතර 13ක් ප්‍රතික්ෂේපයි

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 13 ක් ප්‍රතික්ෂේපවූ බව කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා රි පැවසිය.
ප්‍රධාන පක්ෂ 10 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.
පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 167 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඉන් 142 ක් නාමයෝජනා භාරදි ඇතැයි ඒ මහතා පැවසීය.
ඒ අනුව පළාත් පාලන ආයතන 17 සදහා පිලිගත් දේශපාලන පක්ෂවල කණ්ඩායම් 111 ක් සහ ස්වාධීන කණඩායම් 18 ක් වශයෙන් කණ්ඩායම් 129 ක් තරග කිරිම සදහා සුදුසුකම් ලබා ඇතැයිද ඒ මහතා සදහන් කලේය.
232 Views
Comments