අද කාලගුණය

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මී 75කපමණතරමක තද වැසි ද ඇතිවිය හැක.
නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ත්‍රිකුණාමලය සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-30)පමණවේ.මන්නාරම සිටපුත්තලම දක්වා සහහම්බන්තොට සිට පොතුවිල්දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ වැඩිවිය හැක.
මන්නාරම සිටපුත්තලම දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල්දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේසිටමඳ වශයෙන් රළු දක්වා විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළංසමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
225 Views
Comments