උසස් පෙළ ලියන්න සිටි සිසුවා මුහුදේ ගිලී මරුට - සහෝදරයාටත් අසාධ්‍යයයි

ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකු දියේ ගිලීි ජීවිතක්ෂයට පත්වී ඇති බව එරාවුර් පොලිසිය පවසයි.
එරාවුර් අලිගාර් ජාතික පාසලේ උසස් පෙළ හදාරන මනාෆ්දින් අබ්දුර් අරහ්මාන් (20) නමැති සිසුවා මෙලෙස මියගොස් තිබේ. පෙරේදා (07) මියගිය සිසුවා පවුලේ අය සමග එරාවු වෙරළට ගොස් සහෝදරයෙකු සමග දිය නාමින් සිටියදී රැල්ලට හසුවී ගසාගෙන ගොස් ඇත.
ඔහුත් සමග දිය නෑ තවත් අයෙකු අසාධ්‍ය තත්වයෙන් වෙරළට ගොඩ ගසා ඒමත් සමග එහි සිටි පිරිස එරාවුර් මුලික රෝහලට ඇතුළත් කර ඇත.
අසාධ්‍ය තත්වයෙන් පසු වූ මියගිය සිසුවාගේ සහෝදර උබදුර් රහ්මාන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ලබන ජනවාරි 23 වන දින අ. පො. ස. උ. පෙ. විභාගයට පෙනී සිටීමට සිටි ජීවිතක්ෂයට පත් මනාෆ්දින් අබ්දුර් රහ්මාන් සිසුවාගේ මරණ පරීක්ෂණය එරාවුර් පොලිසිය සමග එක්ව හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් මහතා විසින් සිදු කරන ලදී.
එරාවුර් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
222 Views
Comments