පාර්ලිමේන්තුවේ 35ක් ගෙදර යයි

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ.
රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නිලධාරීන් සහ සේවකයන් සිය රාජකාරි කාලය දීර්ඝ කර ගැනීමට පසුගිය කාලයේදී කිසියම් උත්සාහයක් ගත්තද එය ව්‍යාර්ථවිය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ මේ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආකාරයෙන් සැලකුවහොත් රාජ්‍ය සේවය තුළ විශාල ව්‍යාකූල තත්වයක් මතුවිය හැකි බවයි.
එසේ හෙයින් පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ සේවකයන්ට පමණක් විශේෂ කර සේවා දීර්ඝයක් ලබාදිය නොහැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් පිරිසක් මේ වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
වයස 60 සම්පූර්ණවූ රාජ්‍ය සේවකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගියහ.
246 Views
Comments