DEC
26
යුරෝපා සංචාරකයින් රැගෙන දැවැන්තයෙක් ත්‍රිකුණාමලයට

යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රිලංකාවේ සංචාරයක් සදහා ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට අද (26) සේන්දු වුහ.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා මහතා පැවසුවේ ත්‍රිකුණාමල වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය බවයි.
පැමිණි සංචාරකයන් ත්‍රිකුණාමල, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුවේ එක්දින සංචාරයෙන් පසු තායිලන්තය බලා පිටත්විමට නියමිත බව නේවාසික කළමනාකාරවරයා කීය.
226 Views
Comments