DEC
26
ඩිලාන්ට පහර දීමේ සිද්ධියට දෙදෙනෙකු අත් අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 14 වනදා මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ඔහුගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි නිවසට පැමිණ මෙම පහරදීම සිදු කර තිබේ.
පසුව ඔහු කළුබෝවිල දකුණු කොළඹ රෝහලට ඇතුළත් කර ඇති අතර පසු ව සිදු කළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූයේ අරගල භූමියේ දී කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහර දීම සිදු ව ඇති බවට යි.
216 Views
Comments