“කඹ ඇදිලි බෑ, ඔක්කොම එක්ව රට ගොඩ දාමු” - ජනපති

සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වසරේ වැඩ අරඹමින් පැවසීය.
අමාත්‍යංශ යනු ආණ්ඩුව නැමැති යාන්ත්‍රණයේ කොටස් බව කී ජනාධිපතිවරයා රටේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සියලු දෙනාම බැඳී සිටින බව සඳහන් කළේය.
එම ක්‍රියාවලියේදී ජනාධිපති කාර්යාලය, කැබිනට් මණ්ඩලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍රස්ථාන ලෙස බැඳී වැඩ කටයුතු කළ බව කී ජනාධිපතිවරයා වැඩකටයුතු පැය 8 කට හෝ සතියේ දින පහකට සීමා වන්නේ නැතැයි ද 2023 අවසානය වන විට රට සාමාන්‍ය තත්වයට ගැනීමට කැප වී වැඩ කටයුතු යුතු බවද සඳහන් කළේය.
265 Views
Comments