වවුනියාව වට්ස් ඇප් කොල්ල කල්ලියේ 4ක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

වවුනියාව වට්ස් ඇප් කොල්ල කල්ලියේ 4ක් මාට්ටු

වවුනියාව වට්ස් ඇප් කොල්ල කල්ලියේ 4ක් මාට්ටු

වට්ස් ඇප් කණ්ඩායමක් වශයෙන් ඒකරාශී වී වවුනියාවේ ගෙවල් දහයකට වඩා මංකොල්ල කෑ කණ්ඩායමේ තරුණයින් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ පූවරසන්කුලම කඳවුරේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

ලැබුණු තොරතුරකට අනුව එක් තරුණයෙකු අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කොට බැලීමේදී “ වවුනියාවේ කේතු පසංග “ යනුවෙන් හඳුන්වා ගත් වට්ස් ඇප් කණ්ඩායමක් විසින් සිදු කරන ලද හොරකම් කීපයක තොරතුරු හෙළි වී තිබේ.

 

අත්අඩංගුවට ගත් තරුණයාගේ කට උත්තරයට අනුව තවත් තරුණයින් තුන් දෙනෙකු පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් හා ඔවුන්ගේ ජංගම දුරකතන හොරකම් කරන ලද භාණ්ඩ වලින් කොටසක් හා ඒ ගැන තොරතුරු රැසක් පොලිස් කාර්ය බලකායේ නිධාරීන් විසින් පූවරසන්කුලම පොලීසිය වෙත බාර දී තිබේ.

views

107 Views

Comments

arrow-up