යාපනය නගරාධිපති ඡන්දය 19වනදා

යාපනය මහ නගර සභාවට නගරාධිපතිවරයකු තෝරාගැනීම සම්බන්ධයෙන් වූ මැතිවරණය මේ මස 19 වැනිදා පැවැත්වෙන බව නගර සභාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
2023 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය සභාවට ඉදිරිපත් කළ පළමු අවස්ථාවේදී එම යෝජනාව වැඩි ඡන්ද හතකින් පරාජයට පත්වූ අතර දෙවන වර එම ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමට සිදු වුවහොත් තමන් ඉල්ලා අස්වන බව
නගරාධිපති එස්. මනිවන්නන් මහතා දැනුම් දී තිබුණි. අයවැය දෙවන වරට සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ නගරාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
අනතුරුව යාපනය නගර සභාව තුළ ගැටලු රාශියක් පැන නැගුණු අතර පළාත් පාලන කොමසාරිස්වරයාගේ නිවේදනයකට අනුව නව නගරාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා මේ මස 19 දා පෙරවරු 10 ට මැතිවරණයක් පැවැත්වෙන බව යාපනය නගර සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
261 Views
Comments