JAN
09
අක්කර එකහමාරක ගංජා හේනක් වටලයි

ඇතිමලේ පොලීසිය මඟින් යාල ජාතික වනෝද්‍යානයේ කැබිලිත්ත රක්ෂිතයේ ගෝනඇටබුබුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර එකහමාරක පමණ ගංජා වගාවක් සොයාගෙන ඇත.
එම ගංජා වගාවේ අඩි පහත් හයත් අතර උසැති ගංජා ගස් විසිපන්දහසක් පමණ තිබී ඇත.
පොලිස් නිලධාරීන් යනවිට ගංජා වගාව රැකබලා ගනිමින් සිටි අය පළාගොස් තිබේ.
ගංජා වගාව කපාකොටා පුළුස්සා විනාශ කර ඇත. එසේ විනාශ කරන ලද ගංජාවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ පනහක් පමණ වේ.
220 Views
Comments