විදුලි බිලට එරෙහි හැටනව ලක්ෂයේ පෙත්සමට කටුවාපිටියෙන් දැනට අත්සන් ලක්ෂය පනී

විදුලිබිල යළිත් වරක් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මගින් සූදානම් කරන ලක්ෂ හැට නවයක මහජන පෙත්සමට අත්සන් ගැනීමේ කටයුතු ඊයේ 8 වැනි දිනටත් සිදු කෙරිණි.
මීගමුව පොළ මධ්‍යයේදී සහ කටුවාපිටිය පල්ලිය ඉදිරිපිට දී ඊයේ දිනයේදී අත්සන් ගැනීම් සිදු කෙරිණි.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ මව් ශාඛාව වෙත පමණක් මේ වන විට අත්සන් ලක්ෂයක ප්‍රමාණයක් ලැබී ඇතැයි එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.
ප්‍රාදේශීය මට්ටමින් ද අත්සන් ගැනීමේ කටයුතු සිදු කෙරෙන බව ද ඔහු කීය.
232 Views
Comments