පණ අදින කැලණිතිස්ස නැවතුනොත් විදුලි කැපිල්ල වැඩි වෙයිද?

නැප්තා ඉන්ධනය ලැබීම සීමා සහිත වීම මත කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍ර බලාගාරයේ විදුලි ජනන කටයුතු ඉදිරියේදී අඩපන වීමට හැකි බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.
ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබා දෙමින් මෙගාවොට් 165කින් ක්‍රියාත්මක කෙරෙන මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ප්‍රමාණවත් නැප්තා තොග අවසන් වෙමින් පවතින බවද එම සංගමය කියා සිටිනවා.
ඉකුත් 12 වැනිදා රාත්‍රීයේ නැප්තා නොමැතිව එම බලාගාරය අක්‍රිය වීමට ගිය බවත් නමුත් තෙල් සංස්ථාව විසින් නැප්තා ලීටර් මිලියන 1.2 ලබා දීම මත පැය 24 ක කාලයක් සඳහා එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණු බවද එම සංගමය සඳහන් කරනවා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැප්තා ලීටර් මිලියන 6.5ක තොගයක් ඇති බවත් එලෙස තබා ගනිමින් මෙම බලාගාරය සදහා ප්‍රමාණවත් නැප්තා තොග නොදෙන බවද එම සංගමය චෝදනා කරනවා.
ඩීසල් බලාගාරයන්ට සාපේක්ෂව විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අඩු වියදමක් නැප්තා බලාගාරයන් සතු බවද එම සංගමය වැඩිදුරටත් කියාසිටියේ.
280 Views
Comments