මහරගම නගරාධිපතිගේ නිල රථයේ ටයර් සිදුරු කරයි

මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන්ගේ නිල රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතළ හානි කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම නගර සභාවේ ම සුළු පරිපාලකවරයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු හා නගරාධිපතිවරයා සමඟ පැවැති මතභේදාත්මක තත්ත්වයක් මුල් කරගනිමින් මෙය සිදුකර ඇති බවයි.
නගරාධිපතිවරයාගේ නිල රථය මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට නවතා තිබිය දී සැකකරු විසින් එයට අලාභ හානි කරන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණි.
එම සිදුවීම සිදුවන විට කැබ් රථයේ රියදුරු රථය තුළ සිට ඇති අතර ඔහුට නින්ද ගොස් තිබූ බව වාර්තා වේ.
231 Views
Comments