නිධානයකින් ගත් කෝටි එකහමාරක් වටිනා රන් බුදු පිළිම 03ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

නිධානයකින් ගත් කෝටි එකහමාරක් වටිනා රන් බුදු පිළිම 03ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

නිධානයකින් ගත් කෝටි එකහමාරක් වටිනා රන් බුදු පිළිම 03ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රනින් නිම වූ බුදු පිළිම 3ක් කෝටි එකහමාරකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (04) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පියෙකු සහ 21 හැවිරිදි ඔහුගේ පුත්‍රයාය.

 

දඹුල්ල පොලිසියේ විශේෂ කාර්යංශයට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස වෙස්වලාගෙන ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

 

මෙම බුදු පිළිම වලින් එක් පිළිමයක් කිලෝ 1යි ග්‍රෑම් 450ක බරකින් ද අනෙක් පිළිම 2 ග්‍රෑම් 580ක සහ ග්‍රෑම් 78ක බරකින් ද යුක්ත වේ.

 

මෙම බුදු පිළිම නිධානයකින් ලබාගත් ඒවා බව සැකකාර පියා පවසා ඇත.

 

 

views

245 Views

Comments

arrow-up