FEB
05
ජනවාරි මාසයේ දී මෙරට ගල් අඟුරු නෞකා 06ක්

ජනවාරි මාසයේ දී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබූ ගල් අඟුරු නෞකා 7න් 6ක් මෙරටට රැගෙන ආ බව ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරයි.
එහි සභාපති ශෙහාන් සුමනසේකර ප්‍රකාශ කළේ පවතින විදුලි කප්පාදුවත් සමඟ එම ගල් අඟුරු තොග පෙබරවාරි මාසයේ විදුලි උත්පාදනය සඳහා නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් බවයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෙබරවාරි මාසයේ ද ගල් අඟුරු නෞකා 7ක් මෙරට ගෙන ඒමට සැලසුම් කර තිබූ නමුත් මේ මාසයේ දී නෞකා 5ක් පමණක් මෙරටට ළඟාවීමට නියමිත බවයි.
275 Views
Comments