FEB
12
ධීවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටී අනතුරක්

පසුගිය 10 වන දා දොඩන්දූව ධීවර වරායෙන් පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක්, ගොඩබිම සිට කිලෝ මීටර් එකක් පමණ දුරින් මුහුදේ දී තල්මසකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි ධීවරයන් දෙදෙනකු සිට ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තල්මසා ගේ ගැටීමෙන් ධීවර යාත්‍රාවට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වේ.
224 Views
Comments