අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

අද කාලගුණය

අද කාලගුණය

අද (19) දිනයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව අද (19) දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල හා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

 

එසේ ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල හා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

තව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතී.

 

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

views

233 Views

Comments

arrow-up