අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

අද කාලගුණය

අද කාලගුණය

අද (26) දින සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව පළාතේ හා කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේ ම නැගෙනහිර පළාතේ හා මුලතිවු දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

 

මේ අතර අද (26) දින දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

 

කෙසේ නමුත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි

views

228 Views

Comments

arrow-up