පෙන්ටගනයෙන් ආ පිරිසක් ජුලී චන්ග් සමග ලංකාවේදී රහස් සාකච්ඡාවක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

පෙන්ටගනයෙන් ආ පිරිසක් ජුලී චන්ග් සමග ලංකාවේදී රහස් සාකච්ඡාවක

පෙන්ටගනයෙන් ආ පිරිසක් ජුලී චන්ග් සමග ලංකාවේදී රහස් සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග්, ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (පෙන්ටගනයේ) ඉහළ නිලධාරීන් 20 දෙනකු සමග මෙරටට පැමිණි සහකාර රාජ්‍ය ලේකම් ජෙඩ්ඩියන් රෝයල් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. ආරංචි මාර්ග පවසන්නේ, හිට පු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන තත්ත්වයකට යොමුකිරීම සහ ගාලුමුවදොර අරගලය පසුබිමේ සිටි බවට චෝදනා එල්ල වූ ජුලී චන්ග් සමග සහකාර රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා කර ඇත්තේ ඉන්දු ශාන්තිකර ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව බවයි.

 

එම සාකච්ඡාවට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප්‍රධානි ක්‍රිස්ටියන් මිචල්සන් සහ ආරක්‍ෂක උපදේශකවරුන් වන ඇන්තනි නිල්සන් සහ සෙත් නිව්සන් ද සම්බන්ධ වී ඇත. ඇමරිකානු පෙන්ටගනයේ ඉහළම නිලධාරියකු වූ ජෙඩ්ඩියන් රෝයල්, මෙරටට පැමිණි පළමු වතාව මෙයයි.

views

266 Views

Comments

arrow-up