රට යන්න ගිය තරු ඉබ්බන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

රට යන්න ගිය තරු ඉබ්බන්

රට යන්න ගිය තරු ඉබ්බන්

ගුවන් යානයකින් මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත රැගෙන යෑමට සූදානම් කර තිබූ තරු ඉබ්බන් 206 දෙනෙකු සිය භාරයට ගැනීමට රේගු නිලධාරීන් ඊයේ (11) සමත් විය.

 

ලද බුද්ධි තොරතුරකට අනුව කටුනායක ගුවන් භාණ්ඩ අපනයන පර්යන්තයේ සිදු කළ පරීක්ෂාවක දී මෙම තරු ඉබ්බන් සොයාගෙන තිබුණි.

 

මෙම තරු ඉබ්බන් 206 දෙනා රෙදි ගෝනි තුළ අසුරා එම අසුරන වියළි මුහුදු ආහාර ලෙස පෙට්ටි 06ක ඇසුරුම් කර තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

views

271 Views

Comments

arrow-up