FEB
05
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වැලිගම හලල්ල ප්‍රදේශයේ නිවසක පෙරේදා(03) ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාල නිවසේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.
මියගිය පුද්ගලයා 48 හැවිරිදි අයෙකු වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා වැලිගම ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි අයෙක්.
240 Views
Comments