විදුලි ඇමති කංචන මහජන උපයෝගිතා කොමිසමේ ජනකට කරන්න යන දේ-සම්පූර්ණ කතාව සහිතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

විදුලි ඇමති කංචන මහජන උපයෝගිතා කොමිසමේ ජනකට කරන්න යන දේ-සම්පූර්ණ කතාව සහිතයි

විදුලි ඇමති කංචන මහජන උපයෝගිතා කොමිසමේ ජනකට කරන්න යන දේ-සම්පූර්ණ කතාව සහිතයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

තවද එම සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිම ක්‍රියා මාර්ග ගන්නා බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අද දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුදෙනා මේ සඳහා එකඟත්වය පළ කර ඇති බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

 

"මෙම සභාපතිවරයා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වීමට පෙර,ඉල්ලා තිබුණා. කමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කරන්න කියලා.එම නම යවලා තිබුණා යෝග්‍යතා වාර්තාවක් ලබා ගැනීම සඳහා.නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව එය ප්‍රතික්ෂේප කර තිබුණා.එලෙස යෝග්‍යතා සහතිකය ඔහුට නොලැබුණේ ඔහුට විවිධ චෝදනා තිබුණු නිසයි.මම දන්නෑ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට මේ කරුණු මඟ හැරුණේ කොහොමද කියලා.2012 වසරේ තේරිම්කාරක සභාවෙන් සදහන් කොට තිබෙනවා ඔහුට කිසිදු රජයේ තනතුරක් දෙන්න එපා කියලා."

 

"මොකද තමන්ගේ තනි මතය, මම මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනිමතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ. ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත්කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු ආකාරය පිළිබඳව.ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් ඉන්නවා."

views

161 Views

Comments

arrow-up