අද කාලගුණය

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, සහ මුලතිවුහරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇතිවේ.
සුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (25-35)පමණවේ. කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහාගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ වැඩිවිය හැක.
කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
244 Views
Comments