සිරිනිවාස හිමිගේ ඉඩම ඉල්ලා කතක් උසාවි යයි

අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස හිමියන් තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියා පදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපරු දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ලබන මාර්තු මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කළාය.
එදින හෝ එදිනට පෙර මෙම පෙත්සමට අදාළව වගඋත්තර අධිකරණයට ගොනු කරන ලෙසටද දිසා විනිසුරුවරිය වගඋත්තරකාර රාජ්‍ය නිලධාරීන්ට තවදුටරත් නියෝග කරනු ලැබුවාය.
අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 03/2 ඒ/260 ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බංඩාර ප්‍රේමරත්න මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අංක 234/ඒ 3 රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය ලිපිනයේ රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ අනුරාධපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලිපිනයේ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි
පෙත්සම්කාර දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බංඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ තමා ත්‍යාගලාභියා වෙමින්ද අටමස්ථානධිපතිව වැඩ විසූ පලලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින්ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු විසින් ලියා සහතික කරන ලද අංක 5493 සහ 2022- 10-13 දින දරණ තෑගි ඔප්පුව නිසි පරිදි සහතික කොට උතුරු මැද පළාත් සභාවට ගාස්තු ද ගෙවා ඔප්පුව ලියා පදිංචිය සඳහා රජයට ගෙවිය යුතු ගාස්තුද නිසි පරිදි ගෙවා ලියා පදිංචිය සදඟා දෙවන වගඋත්තරකරු (අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් ) වෙත ඉදිරිපත් කළ බවයි .
අපවත් වීමට දින පහකට පෙර මෙම ඉඩම තමන්ට පරිත්‍යාග කළ බව එම පෙත්සමේ සඳහන් වේ.
266 Views
Comments