අනියම් පෙමක් ගිනිගනී - රූමත් බිරිඳට පිහියෙන් ඇන මැරූ සැමියා 3වැනි තට්ටුවෙන් පැනලා

බොරැල්ල සර්පන්ටයින් ජාතික මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකදී තම රූමත් බිරිඳට පිහියෙන් කපා කොටා ඝාතනය කළ සැමියකු එම තුන්වැනි මහලින් බිමට පැන ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ඝාතනය පෙරේදා (14 දා) අලුයම් කාලයේ සිදුවී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ඉඳිකැටියේ අයේෂා කුමාරි (32) නමැති තිදරු මවකි.
මෙම ඝාතනය සිදුකර සැකකාර සැමියා මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වසර එකහමාරක් රක්‍ෂිත බන්ධනාගාරගතව හිඳ ඇප මත පැමිණි අයකු බව හෙළිවිණැයි ද පොලිසිය කියයි.
අනියම් සම්බන්ධයක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
59 හැවිරිදි සැකකාර සැමියා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 72 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ පිළිබඳව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
276 Views
Comments