ලංකා මුහුදෙන් මතුවෙන්න යන තෙල් - ගෑස්

මෙරට මුහුදු සීමාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබාගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කොට ඇති බව විදුලි සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ ගැන කියා සිටියා.
මෙරට මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛනිජ සම්පත් ගවේෂණයට ආයෝජකයින්ට පැවරීමට කටයුතු කිරීමට ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කොට ඇති බවද අමාත්‍යවරයා කියාසිටියා.
මේ අනුව මෙරට තෙල් සහ ගෑස් ගවේෂන කටයුතු ආරම්භ කිරීමේ මෙහෙයුම් ඇරඹිය හැකි බවද එම විෂයභාර අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.
254 Views
Comments