ආයුර්වේද සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය සුපිරි ගණිකා නිවාසය වටලයි

කොල්ලුපිටිය, මුහුදු මාවතේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් පෙරේදා (14) වැටලූ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු තායිලන්ත ජාතික කතුන් 5 දෙනකු සහ එහි කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කළමනාකරු, තරු පන්තියේ හෝටලයක හිමිකරුවකු බවද හෙළිවිණැයි එම ඒකකය කියයි.
මෙම ගණිකාවන් රුපියල් පහළොස් දහසේ සිට ඉහළට අලෙවි කර ඇතැයි හෙළිවූ බවද එම ඒකකය පවසයි.
තායිලන්ත ගණිකා ඇසුර පතා පැමිණෙන අයකුට මෙම ගණිකා නිවාසයට ඇතුල් වීමට රුපියල් දසදහසක් ගෙවිය යුතු බව හෙළිවිණැයිද එම ඒකකය පවසයි.
351 Views
Comments