මහනුවර යටකළ වැස්සෙන් ඉස්කෝලවලට බෙදන්න දීපු ලැප්ටොප් 51 ක් වතුරේ

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලය ජලයෙන් යටවූ අවස්ථාවේ එහි අනාරක්ෂිතව ගබඩා කර තිබූ ලැප් ටොප් පරිගණක යන්ත්‍ර 51 ක් ජලයට අසුව විනාශ වී තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලීන් පවසනවා.
රුපියල් කෝටි ගණනක් වටිනා මෙම අලුත්ම ලැප් ටොප් යන්ත්‍ර පාසැල් හා අධ්‍යාපන කාර්යාල වලට බෙදා දීමට තිබූ ඒවා යැයි ද ඔහු කියාසිටිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මාස ගණනාවකට පෙර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එවා තිබෙන මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පාසැල් හා අධ්‍යාපන කාර්යාල අතර බෙදා නොදී තබාගෙන සිටියේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටිනවා.
කලට වේලාවට මෙම භාණ්ඩ බෙදා දුන්නේ නම් මෙවන් විනාශයක් සිදු නොවන බවද පවසවා.
236 Views
Comments