JAN
22
උසස් පෙළ පැවැත්වෙන කාලයේ විදුලිය විසන්ධි කරන්න එපා. විදුලි කප්පාදුව නොනවතින ලකුණු ?

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී හා රාත්‍රියේ දී විදුලිය විසන්ධි කිරීම නිසා විභාග අපේක්ෂකයන් අපහසුතාවට හා දුෂ්කරතාවට පත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
ඒ අනුව උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට විදුලිය විසන්ධි කිරීම වැළැක්වීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
කෙසේ නමුත් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දන්වා ඇත්තේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවයි.
234 Views
Comments