අසනීප වූ කත යතුරුපැදියෙන් රෝහලට රැගෙන යද්දී ඇදවැටී මරුට

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යතුරුපැදියක එක් පැත්තකට හැරී වාඩි වී ගමන් කළ කාන්තාවක් එම යතුරු පැදියෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එය පැදවූ මරණකාරියගේ බෑනා අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්ඇදියාව, පලාගල ගල්කිරියාගම ලිපිනයේ පදිංචිව සිටි ඒ. එච්. උම්මා නැමැති 68 හැවිරිදි කාන්තාවකි.
ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කලාවැව රෝහලට ගමන් කරමින් සිටියදී, බලලු වැව කරවිලගල මාර්ගයේදී මෙම කාන්තාව යතුරුපැදියෙන් ඇද වැටී පොලිසිය සඳහන් කළේය.
අනතුරින් බරපතළ තත්ත්වයෙන් පසු වූ මරණකාරිය, කලාවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ගල්කිරියාගම රථවාහන අංශයේ නිලධාරීහු පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
300 Views
Comments