සැර විදුලි වලිය මැද ජනකගෙන් නැවත සිහි කැඳවීමක්

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන් සිසුන්ගේ පාඩම් කටයුතු වලට බාධාවක් වන අයුරින් විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස දන්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නැවත වරක් විදුලිබල මණ්ඩලයට ලිපිනයක් යොමු කර තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විසින් මෙම සිහි කැදවීමේ ලිපිය යොමු කොට ඇති අතර ඔහු එමගින් අවධාරණය කොට ඇත්තේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු සිසුවියන් 331,709 දෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම කාගේත් වගකීම වන බවයි.
විභාගය පැවැත්වෙන ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විදුලි බලය විසන්ධි නොකර පවත්වා ගෙන යා යුතු බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙහිදී දන්වා තිබෙනවා.
එසේම එම කාල සීමාවේ විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලය වගකිවයුතු බවද සිය ලිපිය හරහා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කොට තිබෙනවා.
262 Views
Comments